බීජානු කාලය

මහ වැස්සක් කඩා හැලී
මුළු රටම සෝදාදමා
නව බීජ වැපිරීමට
සුදුසු ලෙස සුවදවත් පසක්
පෙර පැවති වල් පැල එකින් එක ගලවා
නව බීජාංකුර පැල කරමු
හැමදාම පරා ද වුවද
එක් නිමේශයක්වත්
අළුත් බීජ වපුරමු
රට අගාදයෙන් ටික දුරකටවත්
උඩට ඔසවා තැබීමට
මේ බීජානු කාලයයි.

Comments