Wednesday, February 18, 2015

පෝලිම

ලේකම් තුමා හමුවට
ඉක්මන් පෝලිමට
හිටපු ලේකම්වරු,
දොස්තරවරු,
දේශපාලක සම්බන්ධිකරණ ලේකම්වරු,
මව්වරු
දරුවන් ..... ඉක්මන් ගමනින් ඉදිරියට ම යයි
කල්මරණ පෝලිමට
සිසු දරුවන් සේ දෑස් පැදුවූ
ඉහත සියළු අය වීමට මඟ කියා දුන්
ගුරු භවතුන්ය...

Wednesday, February 11, 2015

වගකීම්

හිත බරයි
ගත වෙහෙසයි
නුඹ ගැනම  සිත තැවෙයි
අද දිනද
හෙට දිනද
නුඹේ ජය මගේ ජය
හිත වෙහෙසකර
හෙට දින නුඹ
තුටු කර
සදමි හෙට අද දිනේ
නුඹේ කදුලු
මට බරයි පුතේ...


Tuesday, February 10, 2015

සිහින බිම වැතිරීම

කල්පයක් දුර ගොස්
ගොඩ නැගූ සිහින කෙත
පිපී මල් සැමතැනම
නික්ම ගොස් සිහින බිම
සුපුන් වත හිමි නුඹට
ආදරය තෙරපිලා
සිතේ රැදි තුටු සතුට 
වේදනා හඳ මඩල
එක් නිමක හමුවෙලා
මගේ සිත සතුටින්
සොම්නසින් මුසු වෙලා
පතන්නම් සුබ පැතුම්
වලාපට සැඟවෙලා...

බීජානු කාලය

මහ වැස්සක් කඩා හැලී
මුළු රටම සෝදාදමා
නව බීජ වැපිරීමට
සුදුසු ලෙස සුවදවත් පසක්
පෙර පැවති වල් පැල එකින් එක ගලවා
නව බීජාංකුර පැල කරමු
හැමදාම පරා ද වුවද
එක් නිමේශයක්වත්
අළුත් බීජ වපුරමු
රට අගාදයෙන් ටික දුරකටවත්
උඩට ඔසවා තැබීමට
මේ බීජානු කාලයයි.